කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ ලොවෙන් සමුගනී…!!!

429 0

කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ මරණයට පත්වී ඇත. මිය යන විට 90 වෙනි වියේ පසු වූ කැස්ත්‍රෝ එරට හිටපු සුවිශේෂ ම ජනාධිපතිවරයා ද වෙයි.

කැස්ත්‍රෝ දිවියෙන් සමුගත් බව ඔහුගේ බාල සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වන කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනය කළේය.

1959 වසරේදී කි්‍යුබානු විප්ලවයෙන් පසු බලයට පත්වූ කැස්ත්‍රෝ පසුව ලෝක බලවතා වූ ඇමරිකාව සමඟ සටන් කිරීමට පටන් ගත් අතර ඇමරිකාවේ ඝාතන තැත් 600 කින් බේරී දශක ගණනාවක් එහි ජනාධිපති ධුරය හෙබවූයේ ය.

 

 

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *