දෙමළ රැඳවියෝ නොකා-නොබී උපවාසයක…

307 0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින දෙමළ රැඳවියන් නිරාහාරව සිටිමින් උපවාසයක නිරතවිමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් ඔවුන් මෙම උපවාසයේ නිරතවිමට තීරණය කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
උපවාසකරුවන් පවසන්නේ පුනුරුත්ථාපනය කිරිමට යොමු කිරිම හෝ එල්ල වී ඇති චෝදනාවලට කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන මෙම නඩු අවසන් කරන ලෙසයි. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මින් පෙර ද අවස්ථා කිහිපයකදීම මෙම දෙමළ රැදවියන් උපවාසයේ නිරත වූ අතර ඔවුන් සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවත් ය.

අනුරාධපුර බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 99 දෙනෙකු පමණ මෙම උපවාසයට සහභාගීවීමට නියමිතය.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *