දෙසැම්බර් 01 දා සිට යළි බස් වර්ජනයක්…!!!

344 0

රජය විසින් තෝරාගත් රථ වාහන වැරැදි 7ක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ දැමීම හා අවම දඩ මුදල රුපියල් 2500ක් ලෙස ඉහළ දැමීම යන කාරණා සඳහා විරෝධය දක්වමින් දෙසැම්බර් 01දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මෙම වර්ජනය නැවැත්වීමට පෞද්ගික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහත් පරිශ්‍රමයක් දැරූවද එය නොතකා වර්ජනය දියත් කිරීම ට අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේ වන විට සූදානම් වෙමින් සිටී.

එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා අද(24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පුද්ගලික බස් රථ පමණක් නොව මෙම වර්ජනය සඳහා පාසල් සිසුන් ප්‍රවාහන වෑන් රථ, ත්‍රී රෝද රථ, කන්ටේනර් රථ සංගම් ද ඇතුළුව සංගම් 29ක් තම වර්ජනයට එක්වන බවයි.

වර්ජනයට පෙරාතුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.

 

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *