‘‘භියක් නැතුව උතුරට එන්න‘‘ – විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

248 0

නැවත උතුරේ ගැටළුකාරී තත්ත්වයක් ඇති නොවන බව විපක්ෂ නායක නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට එම සිද්ධිය පදනම් කරගෙන දකුණේ ජනතාව උතුරට යෑමට බියක් දක්වන බවත්, එවැනි කිසිදු බියක් නොදක්වා සුපුරුදු පරිදි උතුරට පැමිණීම අදටත් සිදු කළ හැකි බවත් ය. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමළ ජාතික සන්ධානය යනු රට දෙකඩ කිරීමට උත්සාහ දරන පක්ෂයක් නොවන බවයි.

 

දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නම් දේශපාලන පක්ෂයේ නායක නඩේෂ පිල්ලේ විද්‍යාදරන් විසින් ආරම්භ කරන ලද ‘කාලෙයි කදිර්’ නැමති පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ. නඩේෂ පිල්ලේ හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු ද වේ.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *