මුරලි දේශද්‍රෝහී ද?

317 0

මුරලි දේශද්‍රෝහියකු කිරීමට පෙර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පන්දුයැවීමේ උපදේශකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන්ට ආරාධනා ලැබීමත් සමග මෙරට කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයේ උණුසුම් කතාබහක් ඇතිවී ඇත. එම ආරාධනාව මුරලිදරන් විසින් පිළිගනු ලැබීමත් සමග ඔහුගේ සදාචාරය පවා ප‍්‍රශ්න කරන තැනට කතාබහ දුරදිග ගොස් තිබේ. මෙහිදී මුරලිදරන්ගේ පිළිතුර වූයේ

‘‘මීට මාස තුනකට උඩදී තමයි මට මේ ආරාධනාව කරල තිබුණේ ඒ අය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය පුරාවටම මෙම උපදේශකත්වය මගෙන් ඉල්ලා සිටියා. නමුත් මම කිව්වෙ තරග පටන් ගන්න දින 10 කට පෙර මම ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් පුහුණුවීම් උපදේශකත්වය දරන්නම්. තරග පටන්ගත්තට පසුව නම් බෑ කියලා. මම ඒකට හේතුව ලෙස කිව්වෙ මගේ රටේ කී‍්‍රඩකයින් කී‍්‍රඩා කරද්දී මට ප‍්‍රතිවාදීන්ගේ විවේකාගාරයේ ඉන්න අපහසුයි කියලා.”

මුරලිදරන්ට මේ අවස්ථාවේ ප‍්‍රහාර එල්ල කරන සහ ඔහුගේ හෘද සාක්ෂිය ප‍්‍රශ්න කරන අයට පිළිතුර මුරලිගේ මෙම ප‍්‍රකාශය තුළම ඇත. මුරලිදරන් යනු කී‍්‍රඩකයෙකි. ඔහු කැපවිය යුත්තේ කී‍්‍රඩාව වෙනුවෙනි. ශී‍්‍ර ලංකාවට ඔහුගේ දැනුමෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට නොහැකි නම් ඔහුගේ සේවය ලෝකයේ කොහේ හෝ රටක කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් යෙදවිය යුතුය. සිංහල බෞද්ධ දෙමළ හෝ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු විය යුතු නැත. ඔහු කී‍්‍රඩාවට සේවය කළ යුතුය. මෙලෙස මුරලිගේ තීරණය තුළ සදාචාරය හෝ දේශපේ‍්‍රමී කම සොයන කිසිවෙකු ඬේව් වට්මෝර්ගේ සේවය මෙරටට ලබාදෙන විට ඔහුගේ රට ප‍්‍රශ්න කළේ නැත. මෙය දේශපේ‍්‍රමය නොව එය ගෝත‍්‍ර මානසිකත්වය ඉදිරියට පැමිණීමකි.

1995, 1999 කාලවලදී ඔහුට ඕස්ටේ‍්‍රලියාවෙන් චෝදනා එල්ලවීමත් සමග රටේ සියලූම දෙනා තමා වෙනුවෙන් පෙනී සිටි බව ඔහු ප‍්‍රකාශ කරයි. එසේම ඔහු 2010 වසරේ කි‍්‍රකට්වලින් සමුගැනීමෙන් පසු වසර දෙකක් ප‍්‍රාන්ත කි‍්‍රකට් සෙල්ලම් කළ බව සඳහන් කරන්නේ තමාට කි‍්‍රකට් වල රැුඳී සිටීමට අවශ්‍යය නිසා බවයි. ඕස්ටේ‍්‍රලියාව මෙවර තමාට කළ ආරාධනාව තමයි බාරගත්තේ. ඕස්ටේ‍්‍රලියාව පිළිගන්නවා ඔවුන් මට මුලදි චෝදනා කළාට මම තමයි ඔවුන්ගේ මේ කණ්ඩායමට දඟපන්දු යවන්නන් පුහුණු කරන්න සිටින එකම පුද්ගලයා කියලා.’’ ඒක හොඳ දෙයක්. මුරලි ප‍්‍රකාශ කරන්නේ තමාට කිසිම අවස්ථාවක ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කණ්ඩායම පුහුණුවට කිසිදු ආරාධනයක් කරනැති බවයි. නමුත් එක් අවස්ථාවක නිශාන්ත රණතුංග එම ආරාධනය කළ නිසා එවර අයකිරීමකින් තොරව තමන් සේවය කළ බවද ඔහු පවසයි.

දේශද්‍රෝහීන් කවුරුන්ද යන වග ප‍්‍රකාශ කරමින් මුරලි පැවසුවේ මේ රටේ පුහුණුකරුවන් හැටියට සිටි මාවන් අතපත්තු, චමින්ද වාස්, හතුරුසිංහ, මාරියෝ වෙල්ලවරායන්, උපුල් චන්දන වැනි අය අද විවිධ කලකිරීම් මත වෙනත් රටවල්වල පුහුණුකරුවන් ලෙස ගොස් ඇති බවය. ‘‘අපේ රටේ මෙතරම් දක්‍ෂ පුහුණුකරුවන් සිටියදී පිටරටවලින් පුහුණුකරුවන් අධික මිල ගණන්වලට ගෙනෙන කි‍්‍රකට් බලධාරීන් නොවේද දේශද්‍රෝහීන්’’ යැයි මුරලි ප‍්‍රශ්න කරයි. තමන් වසර 20 ක් රට වෙනුවෙන් කී‍්‍රඩා කළ බවත් අද වන විට කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු එකතු වී ගොඩ නගන ලද අරමුදලක් මගින් නිවාස 1000 පමණ ජනතාවට ලබා දී ඇති බවත්, පාසල් 45 සඳහා කි‍්‍රකට් තණ තීරු සදා දී ඇති බවත්, අසරණ පවුල් 50,000/- සඳහා සෑම වසරකම උදව් කරන බවත් ඔහු පවසයි. තවත් කර ඇති වැඩ වලින් සියයෙන් එකක්වත් තමාට චෝදනා කරන බලධාරීන් සිදුකර නැති බවද මුරලි පවසයි. සැබැවින්ම මුරලි පවසන පරිදි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් සිදු කළ දෙයක් නැත.

බොහෝ විට පවතින දේශපාලනයට අවශ්‍ය පරිදි කි‍්‍රකට් පාලක මණ්ඩලය හැසිරවීම නිරන්තරයෙන් සිදුවන දෙයකි. මෑත ඉතිහාසය තුළ අද මුරලිදරන් කරන ලද විවේචනය සිදු කිරීමට කිසිදු කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් සමත් වුණේ නැත. මුරලිදරන්ගේ මෙම හෙළිදරව් කිරීමත් සමග කි‍්‍රකට් ආයතනය තුළ සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් මෙන්ම කි‍්‍රකට් ලෝලීන් අතරම ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. මුරලිට විරෝධය පළ කරන්නන්ට පිළිතුරු ලබාදුන් කුමාර සංගක්කාර පවසන්නේ ‘‘මුරලි ශී‍්‍ර ලංකාවේ කීර්තිමත්ම පුත‍්‍රයෙකු බවත් ඔහුගේ හොඳම දේ ලබා දෙන්නේ සිය රටට’’ බවත්ය. මුරලි පිළිබඳව වෙනත් ප‍්‍රශ්න ඕනෑතරම් තිබිය හැක. නමුත් ඔහු ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස දින 10 ක් සේවය කිරීම මුල්කරගෙන නගන මෙම චෝදනා කිසිම අයුරකින් සාධාරණීකරණය වන්නේ නැත. කි‍්‍රකට් කී‍්‍රඩාව පමණක් නොව අනෙකුත් කී‍්‍රඩාවන්ගේ පවා තත්ත්වය මේ අතරමය. මේ රටේ අනෙකුත් වෘත්තීන් ගත්තද රටේ දක්ෂයන් සඳහා නිසි තැන හිමිවන්නේ නැත.

කෙසේ වුවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසය පුරාවට අර්ජුන රණතුංග හැර වෙනත් කි‍්‍රකට් කී‍්‍රඩා කළ පුද්ගලයෙකු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට අභියෝග කර නැත. මෙලෙස ප‍්‍රශ්න කරන තෙක් කි‍්‍රකට් ආයතනයේ ඇස ඇරෙන්නේද නැත කෙසේ හෝ මෙම ප්‍රශ්නය වෙනත් අයුරකින් ගත් කළ මුරලි මෙම තරඟාවලියට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම සදාචාර නැති බව කිවයුතුය.මක්නිසාද මෙම තරඟාවලිය වොන්-මුරලි කුසලානය ලෙස නම්කර තිබීම නිසාය.තමාගේ නමින් නම්කරන ලද කුසලාන තරඟාවලියක් සඳහා එක් කණ්ඩායමක් වෙනුවෙන් මුරලිගේ දායකත්වය ලබාදීම සදාචාර සම්පන්න නොවන බව තේරුම්ගත යුත්තේ මුරලි මය.

මෙය වඩාත් ප්‍රශ්නකාරී වන්නේ ෂේන් වෝන් පසුගියදා මාධ්‍ය වේදියකු නැගු ප්‍රශ්නයට දුන් පිළිතුරත් සමඟය . මාධ්‍යවේදියා වෝන්ගෙන් ඇසුවේ “ඔබට වෝන් -මුරලි කුසලාන තරඟාවලියේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නැයි කළ ආරාධනය ඉවතදැමූවේ ඇයිදැයි කියාය” එවිට වෝන් ප්‍රකාශ කළේ “මම ඕනෑම රටක පුහුණු කරුවෙක් ලෙස ආරාධනය කලොත් යනවා.නමුත් මගේ නමින් නම් කරන ලද තරඟාවලියක එහි එක් කණ්ඩායමකට පුහුණු උපදේශකයකු වීම සදාචාර සම්පන්න නොවන බවයි” ඉන්පසු මාධ්‍යවේදියා වෝන් ගෙන් නැවත ප්‍රශ්න කළේ “මුත්තයියා මුරලිදරන්ට මෙම තරඟාවලියේ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට පුහුණු උපදේශකයකු වීමට පුලුවන්නම් ඇයි ඔබට බැරි “යනුවෙනි එහිදී ෂේන් වෝන් පවසා ඇත්තේ “ඒ මුරලිදරන් මම ෂේන් වෝන්” කියාය.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *