රංගන ශිල්පී විජය නන්දසිරි දැයෙන් සමුගනී…

473 0
රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර වීමකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේන් පසු අභාවප්‍රාප්ත වී ඇත. 
ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත. 1947 මැයි 6 දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසු විය. ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානිගේ සැමියා වූ ඔහු දෙදරු පියෙකි.

download (8)

වේදිකා නාට්‍ය 40 කට පමණ විජය නන්දසිරි මහතා දායක වී ඇති අතර ඒ අතරින් ,මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලී, නරිබෑණා, ආනන්ද ජවනිකා,සුබ සහ යස, තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා, ඒකාධිපති ප්‍රධාන වේ. සිනමාව සඳහා ඔහුගේ දායකත්වය ලෙස සිකුරු හතේ, සුහද කොකා වැනි විකට චිත්‍රපට සඳහා රංගනයෙන් ප්‍රධාන දායකත්වය ලබාදී ඇත.
නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, වැනි විකට ටෙලි නාට්‍ය ඔහුගේ රංගනය නිසාම ජනප්‍රිය විය. විජය නන්දසිරි මහතා රංගන ශිල්පියට අමතරව ,රුපවාහිනී නිවේදකයකු හා ගායකයකු ලෙස ද කටයුතු කළේය. 

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *