රනිල් ට අගමැතිකම දුන්නට නිල රථ දීලා නෑ….

302 0

2015 දී රනිල් වික්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරටය පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කිසිදු නිල රථයක් ලබා දී නොතිබුණු බවත්, ලබා දී තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු පරණ නිල රථ 3ක් බවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය සාමය හා දක්ෂික සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය දා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ආනයනය කිරීමට නියමිත නිල රථ දෙක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයක් සැලකිල්ලට ගනිමින් ඊට පැහැදිළි කිරීමක් කරමින් සාගල රත්නායක අමාත්‍යවරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ. 

එහිදී ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි තිබූ හොඳ තත්ත්වයේ වාහන සියල්ල රැගෙන ගොස් තිබුණු බවත්, දැනට අග්‍රාමාත්‍යවරයා භාවිත කරන නිල රථ පැරැණි ඒවා බැවින් අලුත්වැඩියාව සඳහා මේ වන විටත් රුපියල් මිලියන 9.8ක පමණ මුදලක් වැය වී ඇති බවත් ය.

මේ අනුව අග්‍රාමාත්‍යවරයා ගේ ආරක්ෂාව පිළිබඳ ව ද සලකා වෙඩි නොවදින නිල රථ දෙකක් අලුතින් මිල දී ගැනීම ට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවත්, ඒවාගේ ගැනුම් මිල රුපියල් මිලියන 128ක් පමණක් වන අතර, ඉතිරි මිලියන 468ක මුදල බදු මුදල් වන බවත්, අදාළ නිවේදනයේ සඳහන්. නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම මිලියන 468ක මුදල රජයේ ගිණුමකින් තවත් රජයේ ම ගිණුමකට යොමු කරන සංඛ්‍යා ලේඛණයක් පමණක් බැවින් එය ඇත්ත ලෙස කෙරෙන ගෙවීමක් නොවන බවයි.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *