17 රැළියට ප්‍රසන්න නෑ… පක්ෂ විනය රකින්න රට ගිහින්…

360 0

ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 17 වැනිදාට පැවැත්වීමට නියමිත මංගල රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහභාගී වන්නේ නැති බව දේශපාලන ආරංචිමාරග කියයි.

ප්‍රසන්න රණතුංග මහතා රැළියට සහභාගී නොවන අතර නිදහස් පක්ෂයේ ලිඛිත දැනුම්දීම මත පක්ෂ විනයට හිස නමා රැළිය මඟහැර විදෙස් ගතවී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසෙන්නේ.

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ආණ්‌ඩුවට එරෙහි විරෝධතා රැලි මාලාවේ පළමුවැන්න ලබන 17 වැනි දා කොළඹ හයිඩ් පිටියේ දී ය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාර ය.

එහෙත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට එම රැලියට සහභාගී වීම තහනම් කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දන්වා යවා තිබිණි.

ඊයේ(14) එම පක්‍ෂය විසින් සාමාජිකයින් සියළු දෙනාට ලිඛිතව දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් සංවිධානය නොකරන කිසිම රැස්‌වීමකට සහභාගී වීම විනය විරෝධී බවයි.  

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීම සඳහා සුළු පිරිසක්‌ ක්‍රියාකරන බවත් එම කුමන්ත්‍රණය පරාජයට පත්කිරීමටත් පක්‍ෂ විනය රැකගැනීම සඳහාත් මෙම තීරණය ගෙන ඇති බව යි දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ .

“ඒකාබද්ධ විපක්‍ෂය කියා පිළිගත් සංවිධානයක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මෙම ඒකාබද්ධ විපක්‍ෂය සමඟ කිසිම ගනුදෙනුවක්‌ නැහැ.“ යනුවෙන් ඔහු පවසා තිබේ.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *