CSN නාලිකාවට අයිති නෑ කියූ රු.මිලියන 157.5ක් රාජසන්තක වෙයි!

388 0
පුද්ගලික සමාගමක් විසින් C.S.N නාලිකාවට ආයෝජනය කිරීමට නීති විරෝධීව පුද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් රාජ සන්තක කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ අද (10දා) නියෝග කළේය.

අදාළ මුදල් FCID විමර්ශනවලදී සොයාගත් අතර ඒවා තමන්ට අයිති නැති බව සී.එස්.එන් ආයතනයට සම්බන්ධ සමාගම ප්‍රකාශ කර කිරීමත්, ඒවා රාජසන්තක කිරීමට අකමැත්කත් නොමැති බවත් පවසා තිබිණි.

ඒ අනුව මිලියන 157.5ක එම මුදල ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. 

අද(10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා වූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයිති බව පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් ද රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව කඩුවෙල ඉඩමේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයක්ද මාතර ඉඩමේ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *